ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.
නිශාන්ත වික්‍රමසිංහ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙකු ද වේ.
ඔහුට එල්ල වී ඇති චෝදනා ත්‍රිත්වය පහතින්
(01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම.
(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම.
(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ 1,250,000 වියදම් කිරීම.
අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.