රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය මර්විල් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබෙනවා.
එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.