රථ වාහනවල වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරා
Suzuki Wagon R FX-S රථයක් ජපානයේ රුපියල් ලක්ෂ 36ක් වන අතර එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 38ක බදු මුදලක් අය කෙරෙනවා.
ඒ අනුව එම රථය මෙරටට ආනයනය කරන මිල ලක්ෂ 74ක් පමණ වුවත් එය මෙරට තුළ අලෙවි වන්නේ ලක්ෂ 86ක පමණ මිලකටයි.
Toyota Raize 1200cc Hybrid රථයක් ජපානයේ ලක්ෂ 74ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ 64ක්.
ඒ අනුව Toyota Raize රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 138ක් පමණ වුවත් එය සැබැවින්ම අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 165 ක් වැනි මිලකටයි.
Honda VEZEL X වර්ගයේ රථයක ජපානයේ මිල ලක්ෂ 88ක් වන අතර එය ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල ලක්ෂ 90ක්.
ඒ අනුව VEZEL X වර්ගයේ රථයක් මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 178ක පමණ මිලකට වුවත් සැබැවින්ම එම රථය අලෙවි වන්නේ ලක්ෂ 210ක පමණ මිලකටයි.
Toyota Hilux GR Sport වර්ගයේ රථයක තායිලන්තයේ මිල රුපියල් ලක්ෂ 150ක පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 130ක බදු මුදලක් අය කරනවා.
බදුවලින් පසු එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 285ක පමණ වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 320ක් වැනි මිලකටයි.
ජපානයේ Toyota Yaris Cross රථයක් රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමක් වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 89ක බදු මුදලක් අය කෙරෙනවා.
එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 154 ක් වැනි වටිනාකමක පැවතියත් එය අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ 195ක් වැනි ඉහළ මිලකටයි.
Toyota Land Cruiser Prado 250 රථයක නිෂ්පාදිත රටේ වටිනාකම රුපියල් ලක්ෂ 180ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් කෝටි 4ක පමණ බදු මුදලක් අය කෙරෙනවා.
ඒ අනුව Prado 250 රථයේ මෙරට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 585ක් වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 650ක් වැනි මිලකටයි.
මේ අතර ආනයනය නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් වාහන ආනයනයකරුවන් විසින් මෙරටට ආනයනය කරන ලද වාහන 300ක් පමණ හම්බන්තොට වරායේ රඳවා තබා ඇති බව වාර්තා වනවා.
මෙම වාහන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතයි.
චතුර අල්විස්