අද (14) උදෑසන 6ට පමණ බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව තිබෙන්නේ මහරගම නාවින්න ප්‍රදේශයේ දී වන අතර සිද්ධියෙන් පුද්ගලයන් හතර දෙනෙක් තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා.
නාවින්න පිහිටි බස්රථ නැවතුන් පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
තුවාලකරුවන් මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි මහරගම පොලිසිය පවසා සිටින්නේ.