දින 50ක් තුළ යුක්‍රේනය සමග සාම වැඩපිලිවෙලකට අවතීර්ණ නොවන්නේ නම් රුසියාවට 100%ක දරුණු තීරු බදු පැනවීමක් සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් සමග පැවති සාකච්චාවකදී ඔහු පැවසුවේ නේටෝ රටවල් හරහා යුක්‍රේනය වෙත ඉහළ පෙලේ අවි සැපයීමට ඇමරිකාව කටයුතු කරන බවයි.
නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්ධරයේ දී පැවැත් වුණා. එහි දී රුසියානු යුක්‍රේන යුද ගැටුම සම්බන්දයෙන් රුසියාව සමගින් තමන් අසතුටින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මෙම ගැටුමට වොෂින්ටනය ඇදගෙන ඒම සම්බන්ධයෙන් සිය පූර්වගාමී ජෝ බයිඩන්ට දොස් පැවරූ අතර, යුක්‍රේනයට ආධාර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය දළ වශයෙන් ඩොලර් බිලියන 350ක් වැය කර ඇති බවද සඳහන්.
කෙසේ වෙතත් මෙ බදු පැනවීම හරහා රුසියාවේ ඉන්ධන ගෑස් සහ ඛනිජ සම්පත් වෙළදාමට බලපෑම් එල්ල වන අතර යුක්‍රේනය සමග යුධ ගැටුම් සදහා මුල්‍යමය බාධා ඇතිකිරීම එහි අරමුණයි. කෙසේ වෙතත් මෙම සම්බාධක පැනවීමත් සමග කොටස් වෙලදපොලත් 2.7%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.
රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීම සඳහා වූ කොන්ග්‍රස් පනත් කෙටුම්පතක් ගැනද එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කළේ, “මට විශ්වාස නෑ අපිට ඒක ඕන කියලා, නමුත් ඔවුන් එය කිරීම හොඳයි… ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,” යනුවෙන්
යුක්‍රේනය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති නම්, රුසියාවට ද්විතීයික ඇමෙරිකානු තීරුබදු පැනවීම සඳහා කොන්ග්‍රස් අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නා.
සම්බාධක පැනවූ රටක් සමඟ ව්‍යාපාර කරන රටවල් සඳහා සමහර විට ද්විතීයික තීරුබදු හඳුන්වා දෙනු ලබනවා.