දෙව්නුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවැනි පේළි පෙරහර ඊයේ 04 ආරම්භ වුණා.
එහි දී පෙරහැරේ ගමන්ගත් අලියෙකු ඊයේ රාත්‍රියේ දී හදිසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරීත්වයක් ඇති වී තිබෙන අතර අලියා ඇත් ගොව්වාට පහර දී ඇති පුවතක් ද වාර්තා වුණා.
මෙම අලියා කතරගම සිට රැගෙන විත් තිබූ භානුක නම් අලියෙක්.
පහරකැමට ලක් වුණු ඇත් ගොව්වා ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මාතර ප්‍රදේශවාසීන් පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ 21 වන දින දෙව්නුවර දේවාලය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ දී ම අලියා මෙසේ කුලප්පු වීම වීම සම්බන්ධයෙන් ඇත්තේ කුතුහලයක් බවයි.
කෙසේ වෙතත් තුවාල ලැබූ ඇත්ගොව්වාට බරපතළ නොවන අතර සිව්වෙනි පේළි පෙරහැර අද දිනයේ දී ආරම්භ කිරීමට නියමිතය.