ඊයේ (10) දින වයඹ තුර්කියේ බාලිකෙසීර් පළාතේ ප්‍රබල භූකම්පාවක් සිදුව තිබෙනවා.
මෙය තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බූල් ඇතුළු පළාත් කිහිපයකට බලපා ඇති අතර එය රික්ටර් මාපකයේ 6.1ක පමණ ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක්.
එරට නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට පමණ මෙය සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් සිදු වූ හානියෙන් දැනට එක් අයෙකු මියගොස් තිබෙන අතර තවත් 29ක් තුවාල ලබා තිබෙනවා.