අන්‍යෝන්‍ය ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය 20%ක සීමාව දක්වා අඩු විම පිළිබදව සතුටු විය හැක්කේ ඇමරිකානු ජනාදිපතිවරයා අප්‍රේල් මස 02 වන දා තීරණය කල 44%ක අන්‍යෝන්‍ය තීරුබද්ද ට සමපාතව උවත් ඒ පිළිබඳව නිසි අවබෝධයක් ඇති කිසිවෙකු ඒ පිළිබදව සතුටු නොවනු ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා පවසනවා.
TTV Media Youtube චැනලය සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධව බදු සීමාවක් 20% දක්වා අඩු කිරීම ආසියාකරයේ අනික් රටවල්වලට සාපේක්ෂව, විශේෂිත සිද්ධියක් නොවන බවයි.
උදාහරණ ලෙස පාකිස්ථානය 19%කුත් පිලිපීනය 19%කුත් ඉන්දුනීසියාව 19%කුත් බංගලාදේශයට 20%කුත් ලෙස එම තත්වය පෙන්වා දිය හැකි බව ඔහු එහි දී කියා සිටියා.