ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කර තිබෙනවා.
දශක හතරකට පමණ පසුයි මෙලෙස මහා පරිමාණයෙන් පාර්ලිමේන්තුව අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබෙන්නේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමගේ මහතාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට පසු මෙසේ අලුත්වැඩියා කටයුතු සිදුවෙයි.
වැහි පිහිලි ,තඹ දොර, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය, වැසිකිළි පද්ධතිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ, අලුත්වැඩියා කටයුතු මෙලෙස සිදුකිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙය සිදු කරනු ලබයි.