වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම මගින් රටේ ආර්ථික ස්ථායීතාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අගෝස්තු 13 දින පැවති “Sri Lanka Skills Expo 2025” ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
ලංකාවේ පවතින තරුණ රැකියා විරහිත භාවය අඩුකිරීම අරමුණු කරගනිමින් තුන්වන වරටත් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 10 සහ 11 යන දෙදින අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
Industry Sector Skills Councils (ISSC) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙම ප්‍රදර්ශනය පවත්වයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“වර්තමාන අධ්‍යාපන ක්‍රමය යටතේ ගණිතය, විද්‍යාව සහ වාණිජ විෂයධාරා දරුවන්ගේ තෝරාගැනීම වෙලා තියෙනව. ඔය විෂයධාරා හදාරන්න අදාළ සුදුසුකම් නැති ළමයි කලා විෂයන් තෝරා ගන්නවා. ඒ අතරින් අසමත් වන දරුවන් තමයි වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්නෙ. වෘත්තීය අධ්‍යාපනය කියන්නේ එහෙම අසමත් වුණාම යොමු වෙන්න ඕන අංශයක් නෙවෙයි. ඒක දරුවන්ගෙ තෝරා ගැනීමක් විය යුතුයි.
අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 10 වන ශ්‍රේණිය වන විට දරුවන්ට තමන් තෝරා ගත යුත්තේ කුමන වෘත්තියද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදී එම මාර්ගය වෙත යොමු කිරීමයි අපේ අරමුණ.
තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා විවිධ වෘත්තීය දැනුම සහිත මානව සම්පතක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි අපේ දරුවන්ට ඒ වෙනසට නිරන්තරයෙන් අනුවර්තනය වීමේ හැකියාව, නම්‍යශීලී භාවය සහ දැනුම ලබාදීම කළ යුතුයි. දරුවන් දැනුමින් සන්නද්ධ කරනවා වගේම ඔවුන් මානව ගුණ ධර්ම වලින් පිරුණු පිරිසක් බවට පත් කිරීමත් අත්‍යවශ්‍යයි.
නව ලෝකයට පිවිසීමට වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය දෙයක් නිසයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වෘත්තීය අධ්‍යාපනයට විශේෂ අවධානයක් දීලා තියෙන්නේ.
මේ ප්‍රදර්ශනයයෙන් දරුවන්ට විවිධ වෘත්තීන් ගැන විශාල අවබෝධයක් ලබාගන්න පුළුවන් බව මට විශ්වාසයි. ” යනුවෙන්ද සඳහන් කළාය.