ජපානයේ ටෝකියෝහි කොරකුවෙන් ශාලාවේ පැවති බොක්සිං තරගයක දී ඇති වූ ප්‍රහාරවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 28 වියේ පසුවන Hiromasa Urakawa සහ Shigetoshi Kotari නම් ක්‍රීඩකයන් දෙදෙනෙකුයි
ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකක දී ක්‍රීඩාකර තිබීම ද විශේෂත්වයක්.
ඔවුන් දෙදෙනාගේම මොළය තුවාල වීම හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය පැවසුවේ.