දිවුලපිටිය අවන්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.
2025.08.17 වන දින අළුයම් කාලයේ දිවුලපිටිය පොලිස් වසමේ ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව තිබෙන්නේ.
අවන්හලක දී පිරිසක් විසින් පුද්ගලයෙකුට අතින් පයින් හා පොලුවලින් පහර දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවට දිවුලපිටිය පොලිස් ස්ථානය පවසනවා.
මරණකරු වයස අවුරුදු 46 ක් වූ ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ අයෙක්.
මරණකරු අවන්හලට පැමිණ සිටි අවස්ථාවේදී පිරිසක් විසින් පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.