කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද සෞඛ්‍ය තත්ත්වය මත ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකිරීම සුදුසු බවයි.
ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කිරීටක ධමනීවල අවහිරතාවයක් සහ විජලන තත්ත්වයක් අනාවරණ වී ඇති අතර එය දැඩිව බලපාන බැවින් ආසන්න දිනයක දී සැත්කමක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි.
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය මගින් එම සැත්කම සිදුකිරීමේදී අවුරුදු කිහිපයක් ගත විය හැකි නිසා, රනිල් මහතාට අවශ්‍ය නම් පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදු කරගැනීමට හැකි බවය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් දැනුම්දෙමින් පවසා ඇත්තේ, ඔහු ඉදිරි දින කිහිපය තුළ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත බවත් වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවය.