‘මේ විරෝධතාව සෝෂල් මීඩියා නිසා වෙච්ච දෙයක් නෙමෙයි’
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව සෝෂල් මීඩියාම නොවන වග නඳුන් මෙත්වඩන පවසනවා.
නදුන් මෙත්වඩන යනු සිනමංගල්හි පිහිටි කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන සීමාවාසික ලාංකිය වෛද්‍යවරයෙක්.
තමන් සේවය කරන රෝහලේ හදිසි අනතුරු අංශයට සැප්තැම්බර් 8 වන දින විරෝධතාවයෙන් තුවාල ලැබූ රෝගීන් ඇතුළත් කෙරුණු බව කී නදුන් පැවසුවේ මෙම විරෝධතාවයට සැබෑ හේතුව සමාජ මාධ්‍ය තහනම් කිරීම පමණක් නොවන බවයි
එරට මහ ජනතාව පවසන්නේ දේශපාලනඥයින්ගේ ළමයි පිටරට ඉඳලා ගත කරන සුඛෝපභෝගී ජීවිත ගැන සෝෂල් මිඩියා වෛරල් වීමත් සමගින් සෝෂල් මීඩියා තහනමට ලක් වීමෙන් මෙම විරෝධතාවය හටගත් බවයි.
නඳුන් පවසා සිටියේ, විරෝධතා පළමුව ආරම්භ වූ නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇති නිව් භානේෂ්වර් නම් ප්‍රදේශයේදී බවත් විරෝධතාවයන් අරභා තිබුනේ නිව් බනේෂ්වර් යන ස්ථානයේ බවත් එම ස්ථානයෙ නේපාල පාර්ලිමේන්තුව තිබු බවයි.
මෙම ස්ථානයේ ඇති වූ විරෝධතාවට පොලිසිය රබර් උණ්ඩ යොදා වෙඩි ප්‍රහාර එල්ල කල බව ඔහු පැවසුවේ.
‘මට ලංකාව මතක් වුණා’
ශ්‍රී ලංකාවේ පැවති “අරගලය” මෙම විරෝධතා හමුවේ සිහිපත් වූ බව වෛද්‍ය නඳුන් මෙත්වඩන පවසා තිබුණා.
“ඒක හරියට ඩේජා වූ (Deéja Vu) වගේ හැඟීමක්. මොක ද මීට අවුරුදු තුනකට කලින් ලංකාවේ මේ වගේ දෙයක් සිද්ධ වුණා. ඒ අත්දැකීම දැකලා තිබුණා මේ වගේ ම කලින්. දැන් නේපාලයේ වෙන සිදුවීමත් එක්ක ටිකක් අමුත්තක් දැනුණා,” ඔහු එලෙස සිය මතකය ආවර්ජනය කර සිටියා.
තමන් ඇතුළු නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සොයා බලන බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. .