ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවනි වර කියවීම වැඩි ඡන්ද 150කින් සම්මත වුණා.
එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් හිමිවූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි .
ඒ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ විරුද්ධව ප්‍රකාශ කල ඡන්දයයි.
සංශෝධන රහිතව තෙවැනි වර කියැවීමද පාර්ලිමේන්තුවේදී සම්ම්මත වුණා.