හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමන් සිටි නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩී. වී චානක මහතා පැවසුවේ අද පස්වරුවේ පිටත්ව යාමට නියමිත බවයි.
අද පස්වරු 12 / 1 ත් අතර වේලාවේ දී විජේරාම නිල නිවස භාර දී මැද මුලනේ පිහිටි සිය නිවස බලා පිටත්ව යාමට නියමිත බව මන්ත්‍රීවරයා පවසයි.
පස්වරු 4 .00 වෙන විට තංගල්ල ට පැමිණිමට නියමිත අතර එහි දී උණුසුම් අයුරින් පිලිගැනිමට ජනතාව පෙළගැසී සිටින බවත් මන්ත්‍රීවරයා පවසනවා.
නිල නිවසින් පිටවීමට පෙර ජනාධිපතිවරයා චීන තානාපතිවරයා ඇතුළු තානාපතිවරු සමග විශේෂ සාකච්චාවකට සහභාගි විමට නියමිතයි.
රාජ්‍ය තාන්ත්‍රික හමුවීමෙන් පසු විජයරාම නිලනිවසෙන් හිටපු ජනාධිපතිවරයා පිටත්ව යාමට නියමිතයි.