ලංකාව ත්‍රස්තවාදයෙන් බේරගත් නායකයා තම නිල නිවසෙන් ඉවත් කරන දවස බවට පත්වීම එක්තරා ආකාරයකින් දෛවෝපගත බව සංජීව එදිරිමාන්න පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේයි.
අහස කඩා වැටුනත් කලබල වෙන මනුස්සයෙක් නෙවෙයි නේ මහින්ද රාජපක්ෂ කියන්නේ.
අපේ ආණ්ඩුවක් ආපු දවසට, මම යෝජනා කරනවා මේ ගෙදර අනුර කුමාර ජනාධිපතිතුමාගේ විශ්‍රාම ජීවිතයට දෙන්න කියලා. මං කියන්නේ, අනුර කුමාර ගරු ජනාධිපතිතුමාත් විශ්‍රාම ගියා කියලා, එතුමා තඹුත්තේගම ගෙදර අනාරක්ෂිතව ජීවත්විය යුතු නැහැ.
එතුමා හැමදාම තංගල්ලේ ඉඳලනේ දේශපාලනයේ හැම තීරණාත්මක දෙයක්ම කළේ. සමහර විට, ඒ තව අලුත් අවස්ථාවක් එතනින් හැදෙන්නත් පුළුවන්.
අනුර කුමාරගේ මේ දේශපාලන බලපෑම්වලට බය නෑ. ඒක හෙට උදෙත් මං ඒ විදියටම කියනවා.
මේ ආණ්ඩුව විසින් අපිට කරන දේශපාලන තර්ජනයට අපි බය නෑ. මේක ඇතුලේ තියෙන්නේ දේශපාලන තර්ජනයක් නේ! නැත්නම්, මේ ගේ ගත්තයි කියලා හෙට උදේ මේ රටේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳෙන්නේ නෑනේ. අයවැය පරතරේ වෙනස් වෙන්නෑනේ. මේවා දේශපාලන තර්ජන!
ඒ එදා කියපු වචනේ එහෙම්මම තමයි. මම ඒ කියපු එක ආයිත් නැවත කියනවා – මහින්ද රාජපක්ෂ අනුර කුමාරට බය නෑ! එච්චරයි!