කොහුවල පාලම යට මෝටර් රථයක හෝ යතුරුපැදියක මියගිය පුද්ගලයෙකු සිටින බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ ඡායාරූපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැඩි අවවාදයක් නිකුත් කර තිබේ.
අසත්‍ය තොරතුරු, වැරදි තොරතුරු සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම සමාජයට දැඩි හානියක් වන බවත්, එය ශ්‍රී ලංකා නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිසිය පෙන්වා දෙයි. කිසියම් තොරතුරක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට හෝ හුවමාරු කිරීමට පෙර එහි සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත්, “පරීක්ෂා කරන්න, සත්‍යතාව තහවුරු කරන්න සහ වගකීමෙන් යුතුව බෙදාගන්න” (Check, Verify and Share Responsibly) යන මූලික පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.
මහජන කැළඹිලි ඇති කිරීමේ අරමුණින් අසත්‍ය පුවත් පතුරුවන පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවට පොලිසිය වැඩිදුරටත් අනතුරු ඇඟვი ල ලදී.
















