ලෝක අලි දිනය (World Elephant Day) වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා අලියා රටේ ජාතික සත්වයා ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙසයි.
අලි යනු ශ්‍රී ලංකාවේ උරුමයේ සහ අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා, අලින් මෙන්ම ඔවුන් සමඟ එකට ජීවත් වන ප්‍රජාවන්ද ආරක්ෂා කළ යුතු බවත්, මිනිස්-අලි ගැටුමට විසඳුම් ලබා දෙමින් සහජීවනය ජාතික කැපවීමක් බවට පත් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.















