මත්පැන්වලින් රජයට ලැබෙන බදු ආදායම විධිමත් කිරීම සඳහා ඩිජිටල් ආරක්ෂක සලකුණු යෙදීම ආරම්භ කර තිබුණද, තවමත් ප්‍රමාණාත්මක ලෙස බදු ආදායම ඉහළ ගොස් නැතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (CoPF) හෙළි වී තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම තත්ත්වය අනාවරණය වී ඇත.















