අලුතින් නීති ක්‍රියාත්මක කළහොත් පාසල් සේවා ප්‍රවාහනය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් පාසල් සේවා ප්‍රවාහන සංගම් රැසක් අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත වි තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට යි මෙම විරෝධතාව පවත්වා තිබෙන්නේ.
අනතුරුව, පොලිසියේ මැදිහත් වීමෙන් විරෝධතාකරුවන් අතරින් සංගම් පහක නිලධාරීන්ට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මුණගැසී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.