කොළඹ නගරයේ වැදගත් මාර්ග මධ්‍යස්ථානයක් වන ලෝටස් වටරවුම සහ එයට ආසන්න ප්‍රදේශ, විශේෂයෙන්ම කාර්යබහුල වේලාවන්හිදී දැඩි රථ වාහන තදබදයකට මුහුණ දීම නිසා එම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වර්තමාන තත්ත්වය සහ අනාගත අවදානම
කොළඹ වරාය නගරයේ සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ක්‍රියාත්මක වීමත්, නගරය තුළ සිදු වන විශාල සංවර්ධන කටයුතු නිම වීමත් සමඟ, වටරවුම සහ එයට අසන්න මාර්ග ජාලය තවදුරටත් බරපතල තදබදයකට ලක්විය හැකි බවට බලධාරීන් අනාවරණය කරති.
විසඳුම් සෙවීම සඳහා නව පියවර
මෙම ගැටළුවට තිරසාර විසඳුම් සැලසුම් කිරීමට සහ ප්‍රධාන රථ වාහන කොරිඩෝ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා, වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ග දිගු කිරීම වැනි විකල්ප සලකා බලමින් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, අදාළ උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කටයුතු කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.