පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා වැඩි ඉතා තද වැසී ඇති වන බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
ඊයේ උදය 8.30 සිට අද අලුයම 02 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ඇති වී තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයටයි.
එය මිලිමීටර් 127කට වැඩි වර්ෂාපතනයක්.
දිවයිනේ නිරත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය විසි හතර තුළත් බලාපොරොත්තු වනවා.
උතුරු මැද පළාතේත් මාතලේ මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසී ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැව්ම ප්‍රදේශවලත් මධ්‍යම උතුරු උතුරු මැද සහ වයඹ පළාත් පළාත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක බලත් විටින් විට හමන පැයට කිලෝමීටර් හතළිහත් පනහක පමණ තද සුළං ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා.
තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 60ත් දක්වා ඉහළ යා හැකියි.
පුත්තරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවතුව පවසනවා.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළ ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.
මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.