ආසියා සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාරය හා සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් වාහන 7ක් ලබා දීමට අවස්ථාව ලැබී ඇත.
මෙම වාහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත භාර දුන් අතර, ඒ සඳහා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 22ක මුදලකි.
නුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම හා ගඟවට කෝරලේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය සහ බණ්ඩාරවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලටද, කොළඹ පිහිටි ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටද නියම කරන ලදී.