හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වා තිබෙනවා.
එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂට ස්තූතිය පළ කර ඇති බවට වාර්තා වනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී මෙලෙස හිටපු ජනාධිපතිවරයා බැලීමට ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ දුෂණ විරෝධි පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන බවයි
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
මම දැක්කා අදත් රනිල් මහින්ද මහත්තයව බලන්න තංගල්ලට ගිහින් තියෙනවා.
නීතිය ක්‍රියාත්මක වන බව දැන් කවුරුත් තහවරු කරගන්නවා. එය කාටත් ඔප්පු වෙන බව පේනවා. ඒක කොච්චර ඔප්පු වෙනවද කියල කියනව නම් පක්ෂ 40ක් එකකාමරයකට ඒක්වෙන්න තරමට ඔප්පු උනා. මම දැක්කා අදත් එක්කෙනෙක් තංගල්ලට යනවා. මේ එකිනෙකා ගහගත්ත අය. එයාල දැන් දන්නව දුෂණ විරෝධි පනත දැන් ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් එයාල සාම ගිවිසුම් ගහනවා.