ශ්‍රී ලංකාවේ වයස්ගතම පියා ගාල්ලේ කරන්දෙණියෙන් හමු වුණා.
ඔහු නමින් බොළඳ හකුරු මේනියල් මහතායි
පැරණි ජාතික හැඳුනුම්පතට අනුව මේනියෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා තිබෙනවා.
ඔහු දැන් අවුරුදු 110ක් වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්.
අපි බලමු ඔහු ගැන වැඩි විස්තර…
5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු ලිවීමට මෙන්ම කියවීමට දක්ෂ කෙනෙක්. මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගිමත් දිවිපෙවෙතට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාවකට හිමිකම් කියන ගමේ ඕනෑම නිෙවසක, පිරිතකට දානයකට නැතුවම බැරි අයෙක්
ඔහු වයස අවුරුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣායනාවන්ට සහභාගි වු කෙනෙක්.
ඒ මහතා පාන්දරින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරියට සමීප වූෙවක් බවයි පවුලේ සමීපතමයින් සඳහන් කර සිටියේ.
මේනියෙල් මහතා දරුවන් නව දෙනෙක්ගේ පියෙක්.
වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැතිව නිරෝගිමත්ව සිය ජීවිතය ගත කරන්න ඔහුට පුළුවන් වෙලා. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සියවස් දීමනාවේ සාඩම්බර හිමිකරුවෙක් වන මේනියෙල් මහතාගේ බිරිය මෙලොවින් සමු ගත්තත් දරු මුනුබුරන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳිමින් ඔහු සැපසේ ජීවත් වෙවි