මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක් ඇති වී තිබෙනවා
එය රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයක් වූ අතර ඉන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙන අතර පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.
භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ.
ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත්
සඳහන් කළේ.