රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මොහු රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට පෙර, ඔහු පසුපස පළා ආ බව කියන වාහනයේ සිටි පුද්ගලයා වේ.
එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයා ඔහු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කල අතර අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.