මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධව ලිට්‍රෝ ගෑස් ආයතනය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව එම ආයතනය පැවසුවේ මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව යි.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක්
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් (නොවෙනස්ව පවතී)