ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2025 සැප්තැම්බර් මාසයේදී අගෝස්තු මාසයට සාපේක්ෂව 1.1% කින් වැඩි වී ඇති බව මහ බැංකු දත්ත අනාවරණය කරයි.
මහ බැංකුවේ වාර්තාව අනුව, අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.17 ක් ලෙස සිටියද, සැප්තැම්බර් මාසය වනවිට එය ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.














