එළැඹෙන අයවැය තුළ තම දීමනා ඇතුළත් නොවන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට සූදානම් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කරයි.
අද (08) පැවැති මාධ්‍ය හමුවකදී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ග්‍රාම නිලධාරීන්ට දැනට පවතින ආර්ථික තත්ත්වය මධ්‍යයේ සුදුසු ප්‍රතිලාභ නොලැබෙන බවත්, එම ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් අරගලයකට සුදානම් බවත්ය.
ඔහු වැඩිදුරටත් කියාසිටියේ, “අයවැය තුළ අපගේ ගැටලු වලට සාධාරණ විසඳුමක් නැති නම්, රට පුරා සේවය නවතා දැමීමට අපට වෙන මාර්ගයක් නොමැති බව” යන්නයි.
සංගමය පවසන්නේ, ග්‍රාම නිලධාරීවරුන්ගේ දීමනා සංශෝධනය කිරීම, සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ විශේෂ අයවැය වෙන්කිරීම් සිදුකිරීම අවශ්‍ය බවයි.
“අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී. මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඉදිරි අයවැයෙන් මේ ප්‍රතිපාදන අපිට ලැබුණේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.”