අද (අක්තෝබර් 8) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් පාසල් අධ්‍යාපන අංශයට ගුරුවරුන් පුහුණු කරන විද්‍යාපීඨ අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.
එහිදී අග්‍රාමාත්‍ය මෙනවිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ 20ක් පවත්න බවත්, එම ආයතන මගින් විවිධ ගුරු පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබන බවත්ය.
ඇය වැඩිදුරටත් පැහැදිලි කළේ, අවසන් වරට බදවා ගැනීම් සිදු කර ඇත්තේ 2022 උසස් පෙළ ප්‍රතිඵල මත බවත්, 2023 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වරට සිසුන් බදවා ගත් විද්‍යාපීඨය කුලියාපිටිය තාක්ෂණවේදී අධ්‍යාපන විද්‍යාපීඨය බවත්ය.
අග්‍රාමාත්‍ය අමරසූරිය පැවසුවේ, කොවිඩ් වසංගත කාලය තුළ විද්‍යාපීඨ කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා වූ නිසා අධ්‍යාපන කටයුතු ප්‍රමාද වී ඇති බවත්, එම කාලය තුළ සම්පූර්ණ නොවූ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් නිසා නියමිත බදවා ගැනීම් කාලසීමා ද පසුවී ඇති බවත්ය.
ඇය තවත් පැවසුවේ, විද්‍යාපීඨ නැවත භාර ගැනීමේදී වස්තූන් හා උපකරණ සොරකම් වීමත් හානි වීමත් නිසා අලුත්වැඩියා කටයුතු අවශ්‍ය වූ බවත්, එය ද බදවා ගැනීම් ප්‍රමාද වීමට තවත් හේතුවක් වූ බවයි.
එම ප්‍රමාදය සම්පූර්ණයෙන් පුරවා ගැනීම සඳහා එකවර උසස් පෙළ කණ්ඩායම් දෙක බැගින් බදවා ගැනීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අවසානයේ සඳහන් කළාය.
මේ හේතුව මත 2024 වසරේ උසස් පෙළ වසර හතරකට අදාළ ශිශ්‍ය කණ්ඩායම් දෙකක් අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටීම මත නව කණ්ඩායමක් බදවා ගැනීම අපහසු කරුණක් බව ඇය පැහැදිලි කළාය.
ඒ අනුව 2025 වසරේදී 2023 හා 2024 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මත සිසුන් කණ්ඩායම් දෙකක් එකවර බදවා ගැනීමට නියමිතව තිබූ අතර එම කණ්ඩායම පත්වීම් ලබන්නෙ 2029 වසරේ බව පැහැදිලි කළාය.