පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබෙනවා.
අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
”අද මුළුමහත් ජාතියම කිරිබත් කන්න වෙන වැඩක් වෙන්න යන්නේ, ඒ පළමු වතාවට බහාලුම් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කරලා තියෙන නිසා.
අල්ලස් කොමිෂම හරි පාරට දාගන්න, රංගනගේ බොරු රංගන නවත්තන්න කියලා අපි විවේචනය කරනවා.”