කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිවසේ විදුලි හා ජල බිල්පත් ගෙවී නොමැතිවීම හේතුවෙන් එම නිවසේ සම්බන්ධතා විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ විදුලි බල මණ්ඩලය පෙරේදා (07) සූදානම් වූ බව වාර්තා වේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසූ පරිදි, එම නිවසට අදාළ රුපියල් ලක්ෂ 6ක ජල බිලක් සහිත හිඟයක් පැවති හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සේවකයන් එම දිනයේදී එහි ගොස් තිබේ.
එහෙත්, නිවසේ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන් වගකිවයුතු පාර්ශවයට දැනුම් දීමට පියවර ගන්නා බව සදහන් කළ නිසා ජල සම්බන්ධතාවය අත්හිටුවිමට හැකියාවක් නොතිබූ බව නොතිබුණ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශපාලන ආරංචි මාර්ග අනුව, එම නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂයකට ආසන්නව හිඟ වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලයද විදුලි සැපයුම විසන්ධි කිරීමට සූදානම්ව තිබුණි. නමුත්, නිවසේ ආරක්ෂක අංශ පමණක් එවිට සිටි නිසා එම ක්‍රියාවලිය ද කල්ගොස් ඇති බව වාර්තා වේ.
විජේරාම මාවතේ පිහිටි මෙම නිවස මෙතෙක් නිල වශයෙන් රජයට භාරදී නොමැති අතර, එහි අඩංගු රජයට අයත් භාණ්ඩ හා ලේඛන වෙන් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කර නිවස භාරදීමට සැලසුම් කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ, නිල භාරදීම සිදුවන තුරු එම නිවසේ විදුලි හා ජල බිල්පත් ගෙවීම සිදුවන බවත්, රජය ඉතා ඉක්මනින්ම නිවස භාර ගැනීමේ ක්‍රියාවලිය ගැන අවදානය යොමු කරන ලෙසත්ය