වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය තවදුරටත් ව්‍යාකූල වී ඇති බව වාර්තා වේ.
නීති අංශ පෙන්වා දුන් පරිදි, මෙයට හේතුව වන්නේ ප්‍රධාන සැකකරු ලෙස සලකනු ලබන අනුර විදානගමගේ හෙවත් “කජ්ජා”ගේ බිරිඳ විසින් ලබාදුන් ප්‍රකාශය නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැකි වීමයි.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන සාක්ෂි ආඥා පනතේ 120 වැනි වගන්තියඅනුව, සැමියාට එරෙහිව බිරිඳගේ සාක්ෂියක් භාවිතා කළ නොහැකි බව නීතිමය ප්‍රතිපාදනයක් පවතින අතර, එම පනත උල්ලංඝනය කරමින් එම සාක්ෂිය ඉදිරිපත් කිරීම නීතිවිරෝධී බව නීතිඥයන් පෙන්වා දී ඇත.
ඒ අනුව, කජ්ජාගේ බිරිඳ විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශය අධිකරණයේදී භාවිතා කළ නොහැකි බවට තීන්දුවක් ද ලබා ඇති බව පවසයි.
ඇය පසුගිය දිනක පොලිසියට ලබාදුන් ප්‍රකාශයකදී, 2012 මැයි 17 වනදා වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ අවස්ථාවේදී කජ්ජා ඔහු ලුහුබැඳි වාහනයේ සිටි බව සඳහන් කර තිබුණි.
එමනිසා ඇය තම සැමියා මෙම අපරාධයට සෘජු සම්බන්ධතාවයක් තිබූ බව ද කියා සිටියාය.
එහෙත් පසුව මාධ්‍ය හමුවක් කැඳවමින් කජ්ජාගේ පුත්‍රයා, මව සහ සහෝදර සහෝදරියන් පවසනු ලැබුවේ එදින එම වාහනයේ ගමන් කළේ කජ්ජා නොවන බවයි.
මෙම හේතුවෙන්, පොලිසියට අලුත් සාක්ෂි සහ තොරතුරු සෙවීමට සිදුව ඇතැයි විමසීම් සම්බන්ධ වාර්තා සඳහන් කරයි.
ආරක්ෂක ආයතනවල වාර්තා අනුව, නඩුවේ තවත් සාක්ෂි එකතු කිරීම සඳහා විශේෂ පරීක්ෂණ අංශයක් ද මේ වනවිට ක්‍රියාත්මක වී ඇති බවද සඳහන්ය.