2025 අයවැයෙන් වැටුප් වැඩිවීම් නොලැබුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත්, 2026 අයවැය මඟින් ඔවුන් සඳහා සුදුසු ප්‍රතිලාභ සැලසීමට රජය ක්‍රියාත්මකව කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කර තිබේ.
ඒ මහතා මේ බව කියා සිටියේ “සවිමත්, සුවපත්, දිරිමත් දිවියක්” යන තේමාව යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධානය කළ “ජාතික විශ්‍රාමික දිනය – 2025” උත්සවයට එක්වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
”ලක්ෂ 07කට අධික විශ‍්‍රාමික ප‍්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව අපි දන්නවා. අපි විශ‍්‍රාමික සංවිධාන මුණගැහෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා මුණගැසී ඔවුන් සාකච්ඡා කරනවා. තාමත් අපට හඳුනාගත නොහැකි ගැටලුත් තිබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරනවා.”