2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳ වැටීමකට මුහුණ දී ඇති බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළා.