ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර රණවක ඩුබායි ප්‍රසංගයකට ගිය ගුවන් යානයෙන් ඉවත් කළා යැයි වාර්තා වුණා.
කටුනායක ගුවන්තොටුපළේ සිට ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව සිටි ඔහු බීමත්ව සිටි බවත්, එම නිසා ගුවන් සේවකයින් සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවත් ආරංචි මාර්ග පවසනවා.
ප්‍රධාන නියමුවා විසින් ඔහු ගුවන්යානයෙන් ඉවත් කරන ලෙස විධානයක් දී ඇති බවත්, පසුව ඔහු ආගමන විගමන නිලධාරීන් භාරයට ගත් බවද වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, චාමර රණවක පවසන්නේ “මම කිසිම විටක ගුවන් සේවකයන් සමඟ ගැටුමක් ඇති කරලා නෑ” කියලා.
නමුත් ඔහු ඊළඟ දිනයේම ඩුබායි බලා සාර්ථකව පියාසර කරලා තියෙනවා.