මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවද වැඩිදුරටත් සඳහන්
මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීරණයේ අධිකරණය තුළදීම ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ අතර මෙම සැකකාරිය මාස 7කට අධික කාලයක් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියාය.