ජාතික කඩදාසි සමාගම නව මුහුණුවරකින් නව්‍යකරණය වී ඇති අතර නව කඩදාසි නිෂ්පාදනයක් හඳුන්වාදීමට සූදානම් බව සමාගමේ නව සභාපති උපාලි රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ සමාගමේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ නව නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
රත්නායක මහතා සඳහන් කළේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශේෂිතව නිපදවනු ලබන කොපිපොත් සඳහා අලුත් කඩදාසි වර්ගයක් භාවිත කිරීමට නියමිත බවය.
ඔහු වැඩිදුරටත් පැහැදිළි කළේ, මදින ලද ඔපදැමූ කඩදාසියක කාබන් පෑනෙන් ලියූ අකුරු අවලස්සන වන බැවින්, ඔප නොදැමූ නව කඩදාසිවල ලිවීම දරුවන්ට පහසු වන බවය.
එම නිෂ්පාදනයේ මූලික තේමාව “අකුරු හැඩට ලියමු” යන්න බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළේ ය.