• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025
in දේශීය, පුවත්
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang හමුවෙයි.

මහජන චීනසමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය අතිගරු Li Qiang මහතා හමුවිය.

මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන ලදී. අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර,  අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළා ය.

ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියෙමුවෙකු ලෙස මෙන්ම දරිද්‍රතාවය අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව පැසසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ගෙන යන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පැහැදිලි කළ අතර 2025 ජනවාරි මාසයේදී දියත් කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තවතුරටත්  විස්තර කළා ය.

ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන අග්‍රාමාත්‍යවරයා හට පැහැදිලි කළ අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළා ය. චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළා ය.

කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.  පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය Li Qiang සමඟ සාකච්ඡා කළ අතර චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළා ය.

ස්මාර්ට් පන්ති කාමර, ශිෂ්‍යත්ව, රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ පශ්චාත් උපාධි වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග ඇතුළු අධ්‍යාපන අංශයේ සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණු අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහිදී අවදානයට ලක් විය.

Post Views: 8
Previous Post

”කතරගම ගෙදර මගේ නෙවෙයි ” – ගෝඨාබයගෙන් සටහනක්

Next Post

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

Editor TTV News

Editor TTV News

Next Post
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025

Recent News

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved