වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණා.