හම්බන්තොට වරායේ සිට කර්මාන්ත ශාලා දක්වා සිමෙන්ති පැටවීමේ ක්‍රියාවලියේ දී විශාල වශයෙන් පරිසර විනාශයක් සිදුවන බ ව ප්‍රදේශවාසීන් පවසනවා.
මෙහි ඇති අමුද්‍රව්‍ය වන (ක්ලින්කර් – clinker, ජිප්සම් -gypsum , ස්ලැග්- slag ) පැටවීම හා බෑම (loading unloading) අවස්ථාවලදී මෙහි ඇති දුවිලි අංශු පරිසරයට මුදා හැරීමේ හේතුවෙන් මෙලෙස පරිසර විනාශය සිදුවන බවයි වාර්තා වුණේ.
හම්බන්තොට වරායේ සිට ඔවුන්ගේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාව දක්වා ඇතැම් සමාගම් ආවරණය නොකෙරු ට්‍රක් රථ මගින් මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය හේතුවෙන් අදාල ප්‍රදේශවාසීන් පැවසුවේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ට විශාල හානියක් සිදුව ඇති බවයි.
එමෙන්ම මෙම අමුද්‍රව්‍ය වල පවතින ඇතැම් රසායනික අංශු පිළිකා රෝගී තත්ත්වයන් ඇති කිරීමේ අවදානමක් ද පවතින බව ප්‍රදේශවාසීන් පවසා සිටිනවා.