කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියලා කියන්නේ.
මේ දවස් වල කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක් වී තිබෙනවා.
ඉතින් මේ ගයත්‍රි ඩයස් රංගන ශිල්පිනියත් මේ නම් වලට ඇතුළත් වෙලා තියෙනවා.
ඇය මේ සම්බන්ධයෙන් අද මුහුණුපොතට එක් කරේ මෙවැනි අදහසක්
පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති. වේදනාකාරී ඇති.
පෙර පවි අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය.
දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.
නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී.
මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි.
කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි.
කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත.
මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි.
මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි..🙏















