ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව ප්‍රධානතම පාරිභෝගිකයන් වන අමරිකාවේ සහ චීනයේ නායකයින් අතර හමුවක් පිළිබඳව ඇති සුබවාදී අපේක්ෂාවන් ඊට හේතු වී තිබෙනවා.
OPEC+ සමුළුවෙන් නිෂ්පාදන කෝටා වැඩි කිරීමේ අපේක්ෂාව ආයෝජකයින් විසින් විමසා බැලීමක්ද සිදු කරන බවයි වාර්තා වන්නේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.51ක් දක්වා සෙන්ට් 11කින් (0.2% කින්) ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.21ක් දක්වා සෙන්ට් 6 කින් (0.1% කින්) ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයේ දත්ත අනුව, බොරතෙල්, ගැසොලින් සහ ඩිස්ටිලේට් ඉන්ධන තොග, විශ්ලේෂකයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අඩුවීමක් පසුගිය සතියේ පෙන්නුම් කර තිබෙනවා.
බොරතෙල් තොග බැරල් මිලියන 7 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි වර්තා වන්නේ.
එය, අපේක්ෂා කළ බැරල් 211,000 ක අඩුවීම විශාල ලෙස ඉක්මවා යාමක්.
මෙම විශාල අඩුවීම හේතුවෙන්, OPEC+ රටවල් නිෂ්පාදනය වැඩි කිරීම සහ ඇමරිකානු නිෂ්පාදනය වාර්තාගත මට්ටමක පැවතීම නිසා තෙල් වෙළෙඳපොළ විශාල අතිරික්තයක් කරා ගමන් කරනු ඇතැයි යන අපේක්ෂාවන් නැවත ඇගයීමට ලක් කිරීමට සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
යුක්රේන සාම සාකච්ඡා සඳහා බලපෑම් සිදු කිරීමේ අරමුණින් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට සම්බාධක පැනවීමට පසුගිය සතියේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබුණා.
ඒ සමඟ 5%කින් මිට පෙර තෙල් මිල ඉහළ ගියා.
එම ඉහළ ගිය තෙල් මිල ඊයේ වන විට යළි ඉහළ ගොස් ඇත්තේ ලොව විශාලතම තෙල් පාරිභෝගිකයන් වන අමෙරිකාව සහ චීනය අතර තීරුබදු සහ අපනයන සීමාවන් ඉවත් වීමෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන බලපෑම් අවම වීම හේතුවෙන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.














