ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නව ඇති මාර්ගයකදී සිදු වූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරට හේතුව වී ඇත්තේ බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, මගී බස් රථයක් සහ තවත් රථයක් එකිනෙක ගැටීමයි.
අනතුර සිදුවන විට බස් රථයේ මගීන් 40ක් පමණ සිටි බවද වාර්තා වෙයි.
එහිදී ටිපර් රථයේ රියදුරු සහ තවත් අය අට දෙනෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.
තුවාලකරුවන් රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, පොලිසිය විසින් අනතුරට හේතු වූ නිශ්චිත කරුණු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.














