පිලිපීනයට බලපෑ “කල්මේගි” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (05) දිනයේදී එරට මධ්‍යම ප්‍රදේශයන්ට තදින් බලපෑ මෙම සුළි කුණාටුව, මේ වසරේදී පිලිපීනයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව ලෙසත් හඳුන්වා ඇත.
“කල්මේගි” සුළි කුණාටුවෙන් විශාල හානි වාර්තා වී ඇති අතර, වඩාත්ම ජනසන්ද්‍රිත “සෙබු” දූපත ජලයෙන් යටවී ඇත. එම නගරයේ පමණක් මරණ 71 ක් සිදුව ඇති බවද සඳහන් වේ.
තවද, පුද්ගලයින් 127 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 82ක් බව වාර්තා වේ. බොහෝ මරණ සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බවද නිල වාර්තා පෙන්වයි.
වර්තමානයේදී “කල්මේගි” සුළි කුණාටුව පිලිපීනය අතහැර මධ්‍යම වියට්නාමය දෙසට ගමන් කරමින් පවතින අතර, අදාළ කලාපවල බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇත.
එසේම තායිලන්තයේ ද හදිසි ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.














