හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී නිකුත් කරන ලද මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට තම මතය දැනුම් දී තිබේ.
මත්පැන් බලපත්‍ර ලැයිස්තුව නීත්‍යානුකූල බවත් නිවැරදි ආකාරයෙන් ලබා දී ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇති බව වරුණ රාජපක්ෂ මහතා පවසයි.
වරුණ රාජපක්ෂ මහතා සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් උඩුගත කරමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙම බලපත්‍ර දේශපාලනඥයින්ට ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල වූ අතර, ජනාධිපති නීතිඥ සාලිය පීර්ස් ඇතුළු පිරිසක් මෙම බලපත්‍ර නිකුත් කිරීම වැරදි බැවින් එය වහාම අත්හිටුවන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කළහ.














