ඉන්දියාවේ නිල සංචාරයක නිරතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දියන් ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනක් පවත්වනු ලැබුවා.
එ සදහා ඉන්දීය මාධ්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එහි දී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව අවස්ථාවක් ලෙස මිස තර්ජනයක් ලෙස නොසැලකිය යුතු බවය්
එය අන්‍යෝන්‍ය වාසි සඳහා වන අවස්ථාවක් බවත් සශ්‍රීකත්වය අත්පත් කර ගැනීමේ අවස්ථාවක් බවත් ඔහු පවසා සිටියා.
තවද ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මේ දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන විට ඉන්දු ශ්‍රී ලංකා සබඳතා පටු අදහස්වලින් තොරවිය යුතු බවයි.
එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්‍ෂාවක් බවත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වු විපක්ෂ නායකවරයා පැවසුවා.













