හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකුට එරෙහිව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් එම විදුහල්පතිට යොමු කළ නිල ලිපියෙන් දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඉදිරිපත් කළ තොරතුරු සලකා බලන විට, ඔහු ආයතන සංග්‍රහයේ නියමයන්ට අනුව වැරදියෙකු වී ඇති බවත්, එම නිසා වහාම සේවයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුවන බවයි.
වාර්තා අනුව, එම විදුහල්පතිවරයා ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අතර, පසුගිය දිනක හෙරොයින් කිලෝග්‍රෑම් 1 සහ ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගොස් තිබේ.
පොලිස් පරීක්ෂණවලදී හෙරොයින් තොගය රැගෙන යාම හා බෙදා හැරීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවෙමින් පවතිනවා.













